මප/වත් පිලවල මහා විද්‍යාලය

වත්තේගම

නිර්මාතෘවරු

ළමා දින සැමරුම

GR.jpg
k.jpg

 

ඓතිහාසික කන්ද උඩරට කුණ්ඩසාල ප්‍රදේශයේ ගලපිට අඹේ ග්‍රාම වසමේ කටුව විද්‍යාලය නමින් 1952 ජනවාරි 15 වන දින මූලික පාසලක් ලෙස ආරම්භ කෙරුණි

ලී දඬු වලින් සකසා පොල් අතු සෙවිලි කර සෑදූ ගොඩනැගිල්ලකින් ආරම්භ වුණ කටුවේ විද්‍යාලයේ මුල්ම විදුහල්පති වූයේ S.B ගලගොඩ ගුරුපියාණන්‍ ය.

විවිධ වූ යේ දුෂ්කරතා බාධා අභියෝග කම්කටළු මැදින් පාසල් පවත්වාගෙන යාමට එකල ගුරුවරු හා විදුහල්පතිවරු දරා ඇති වෙහෙස අපමණය.

මුල් ගොඩනැගිල්ල වසර දෙකක් වැනි කෙටි කාලයකදී අබලන්වීම නිසා 1954 ජූලි 20 සිට 1954 ජූලි 28 දක්වා දින 08 කාලයක් ගලපිට අබේ ශ්‍රී ඉසිපතනාරාමයේ පවත්වා ගෙන යාමට සිදුවිය.

ඉන් පසුව 1954 දින සිට 1958 සැප්තැම්බර් දෙක දින දක්වා කාලය තුළ පිළවල අම්බලම වර්තමාන ප්‍රජා ශාලාව වෙත ගෙන ගොස් එහිදී අධ්‍යාපන කටයුතු සිදුකෙරිණි.

කෙසේ හෝ අවසානයේ 1958 සැප්තැම්බර් 8 දින මෙම පාසල වර්තමානයේ පාසල පවත්වාගෙන යන ස්ථානය තුළ කේන්ද්‍රගත විය. ම් එසේ ඇරඹී පිළවල මහා විද්‍යාලයේ ප්‍රගමනයේ පළමු අවස්ථාව 1958 දින පහ ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි ආරම්භ කිරීම දැක්විය හැකිය.