අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
ඓතිහාසිකන්ද උඩරට රාජධානියේ සොඳුරු වූ දුම්බර මිටියාවතට අනන්‍යව ද, අවටින් ගලායන මහවැලි නදියේ සිසිල නිරතුරුව දැනෙන පිළවල නම් වූ ග්‍රාමයේ මප/වත් පිලවල මහා විද්‍යාලය වසර 70 අභිමානවත් ගමනක් පසුකරන 2021 වර්ෂය සිට ජාතික පාසල නමින් අභිනය ලැබූ මප/වත් පිලවල මහා විද්‍යාලයේ (පිලවල ජාතික පාසලේ) අතීත ගමන් මග යහපත් විකාශය විමසීම වටී. අකණ්ඩ ඉතිහාසය විමසීමෙන් අතීත ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් මත පදනම්ව වර්තමානය හා අනාගතය වඩා යහපත් කර ගැනීමට හැකිවන නිසාවෙනි. අධ්‍යාපනය ලැබීම මානව අයිතිවාසිකමකි එකල පැවැති ආර්ථික හා සමාජ වටපිටාව අනුව පිලවල ගම් ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනයේ අවස්ථා අහිමි වී යන්නට ඇති වාතාවරණයක් තුළ අධ්‍යාපන බලධාරීන් ගම්ප්‍රධානි හා ප්‍රජාව අභියෝග ජයගැනීමට එකට එක් වී් ලද සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම පාසලේ ආරම්භය සිදුවීනි.







