ඓතිහාසික කන්ද උඩරට කුණ්ඩසාල ප්‍රදේශයේ ගලපිට අඹේ ග්‍රාම වසමේ කටුව විද්‍යාලය නමින් 1952 ජනවාරි 15 වන දින මූලික පාසලක් ලෙස ආරම්භ කෙරුණි
ලී දඬු වලින් සකසා පොල් අතු සෙවිලි කර සෑදූ ගොඩනැගිල්ලකින් ආරම්භ වුණ කටුවේ විද්‍යාලයේ මුල්ම විදුහල්පති වූයේ S.B ගලගොඩ ගුරුපියාණන් ය.
විවිධ වූ යේ දුෂ්කරතා බාධා අභියෝග කම්කටළු මැදින් පාසල් පවත්වාගෙන යාමට එකල ගුරුවරු හා විදුහල්පතිවරු දරා ඇති වෙහෙස අපමණය.
මුල් ගොඩනැගිල්ල වසර දෙකක් වැනි කෙටි කාලයකදී අබලන්වීම නිසා 1954 ජූලි 20 සිට 1954 ජූලි 28 දක්වා දින 08 කාලයක් ගලපිට අබේ ශ්‍රී ඉසිපතනාරාමයේ පවත්වා ගෙන යාමට සිදුවිය.
ඉන් පසුව 1954 දින සිට 1958 සැප්තැම්බර් දෙක දින දක්වා කාලය තුළ පිළවල අම්බලම වර්තමාන ප්‍රජා ශාලාව වෙත ගෙන ගොස් එහිදී අධ්‍යාපන කටයුතු සිදුකෙරිණි.
කෙසේ හෝ අවසානයේ 1958 සැප්තැම්බර් 8 දින මෙම පාසල වර්තමානයේ පාසල පවත්වාගෙන යන ස්ථානය තුළ කේන්ද්‍රගත විය. ම් එසේ ඇරඹී පිළවල මහා විද්‍යාලයේ ප්‍රගමනයේ පළමු අවස්ථාව 1958 දින පහ ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි ආරම්භ කිරීම දැක්විය හැකිය.
පිළවල විදුමෑණියන්ගේ සිව් සතර නිම කළ බොහෝ පිරිසක් අද වන විට උසස් රැකියාවල නිරත වී සිටිති.

එසේම විවිධ වූ අංශවලින් දක්ෂතා දක්වමින් අධ්‍යාපන කලාපය තුළ පමණක් නොව සමස්ත රටේම අවධානයට ලක් වෙමින් පවතී.
ජාතික මට්ටමේ පාපන්දු දක්ෂතාවයන් දැක්වීම,
ශිෂ්‍යබට අංශය සමස්ත ලංකා මට්ටමින් දක්වා ගෙන යාම,
නර්තන අංශය සමස්ත ලංකා මට්ටමින් දක්වා ගෙන යාම,
සංගීත අශ්වය අංශයේ පළාත් මට්ටම දක්වා ගෙනයාම,
චිත්‍ර කළ අංශය දක්ෂතා දැක්වීම,
විවෘත දැනුම් මිනුම් තරගාව පිළිවෙලින් ජයග්‍රහණ ලබා ගැනීම,
අ.පො.ස (සා/පෙළ) සහ අ.පො.ස (උ/පෙළ) විශිෂ්ට ප්‍රතිඵල දැක්වීම.
ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ කළ කටුවේ විද්‍යාලය වර්ෂ 1980 දී පිළිවෙළ මහා විද්‍යාලය බවට පත් විය.
2002 වර්ෂයේ මප/වත් පිළිවෙල නවෝද්‍යා විද්‍යාලය බවටද 2012/09/01 දින ද්විතීක පාසලක් බවට ද පත් විය.
ද්විතීක පාසැලක් වීමෙන් පසුව එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ශ්‍රී දුම්බර රාජකීය විද්‍යාලය ලෙස ප්‍රාථමික අංශයක් වෙනප ස්ථාපිත කෙරුණි.
මේ වන විට පිළවල විදුහල් මාතාව අංග සම්පූර්ණ පුස්තකාලයක්, අංග සම්පූර්ණ විද්‍යාගාරයක්, ක්‍රීඩාපිටියක් සෞන්දර්ය ඒකකයක්, ගෘහ විද්‍යාගායරයක්, භාෂාගාරයක් හා ගණිතාගාරයකින් සමන්විත වේ.
පිළවල විදුහල් මාතාවගේ කීර්තිය ගෞරවය තවදුරටත් සත පැතිරේවා යැයි පහන් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු






