දුම්බර කදු පෙල සිරස දරාගෙන
නංවන ජයසක් කෙහෙළි දරාගෙන
දිදුලන තෙද සිත දස දෙස සුපතල
පිලවල අප විදුහල් මෑණි
සැරදේ.......... ඔබ සැරදේ
ඔබ සෙවනේ නිති සිසිලස ලබනා
දරු දැරි වෙත හෙල ජීවය දෙමිනා
පින්බර දරු කැළ ලක් මව වෙත දෙමිනා
අප විදුහල් මෑණි
වන්දේ ඔබ මෑණි .......... මෑණි.......... අප සුරකිනු මෑණි
හෙල විරුවන්ගේ දස්කම් හෙළි කළ
කඳුරට සුරකින ගිරිකුළු
සිඹ සිඹ
ගුණ නැණ තෙද බල හද තුල වපුරන
අප විදුහල් මෑණි
වොරැදේ ඔබ මෑණි..........
මෑණි...........අප සුරකිනු මෑණි